Withanage DCS 4 years ago 349 1 1

Nisadas Image

නොපාවන් හා දෙපාවන්

සැළලිහිණි ගමන'තර මඳ
නැවතුමෙහි දුටු එ ගඟ අසබඩ
ලවැළි මත හිඳි නා මෙනෙවියන් මනහර

මිණි වෙණ සුසර කළ නියගින
අනන්තවු බුදු ගුණ ද ගයමින

දැල්වූ සුවඳ කූරු දුමාරය විඳ
දිලෙන තෙ‌ල් පහන් එළියෙ සොඳ
සුරතෙ දැරු මල් ඈ පඬුරු පුද
අනත වූ බුදුගුණ ගී පිරිත් හඬ
ඇසෙත තැන තැන සරින සුමිහිරි

දරා හිසමත දුක් කම්කටොලු බර
දහසකුත් එක් සොයා යන පිළිතූර
වෙහෙර බෝ මළු ද පැදකුණු කර
එබූ සුවහසක් නිරාවරිත පා සටහන්
මැකි මැකී යළි යළිදු පා සිඹ මතුවෙන
නේක රූ රටා වැලිමළුව මත මවමින
ඉපිද ,පැවත, නැසෙන දහම පවසන
මුනිඳුනගෙ බස් නොම තකා ගෙන
යැද සරණ හිරුසඳු ග්‍රහ මඬුලු දෙව්ගණ

දහසක් පහන් එළි මැද වුව
පහන් නොකෙරෙන අඳ දන
මෝහාඳුරක මංමුලා ව වල්මත් වුණ
නා රජුන් රජ කළ රජදහනක
"අසිරිමත් යුගයක එළඹුම" කියා ගෙන
ගඟ දෙබෑ කර ආ නා දූතයන්
කොකා කෝලා බඳුනෙ සිරවිණ.

Comments (1)

චතුරංගි හර්ශිකා 4 years ago අපූරුයි ඒ පබැඳුම ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps