Nimali Champika 4 years ago 304 1 1
ඉර බසින සැන්දෑවක
එලිය දුටු නුඹේ දෑස
දැකගන්නට උන්නු හැටි
මතකෙට නැගෙනවා
පිනි වැටෙන හිමිදිරියේ
චූටි දුවගේ සිනා මුව
දිස් උනම මගේ දිවිය
සැනසුමෙන් පිරෙනවා
සුරතලෙන් ආදරෙන
දගකරනා ඔබේ වත
නුඹයි රන් මිණි පහන
මට එහෙම හිතෙනවා
යෞවන ඒදෙස පා තබා
පිය නගන හෙට දවස
දහසකුත් ප්‍රාර්ථනා
දුවේ මං පතනවා
නිමලි.
නදී ..✍???? 4 years ago ❤️