චතුරංගි හර්ශිකා 4 years ago 408 3 2
රැයක මැදියම අවුලුවාගෙන
නුඹේ මතකය නොනැගිටින තුරු
සිතක ඉහිරුණු අනෙක ලතැවුල්
මහ පොළොව මත විසිරුවන තුරු
පුරුදු මග තොට පුරුදු හිස්කම
සදා තනියට ළග රැඳෙන තුරු
මමත් මගෙ හදවතත් නුඹෙමයි
ආයෙමත් නුඹ ඇවිත් යනතුරු
පැතුම් අහසක් උසට එක් කොට
දිනෙන් දින මම කල් මරන තුරු
හදිස්සියකින් වැටුණු කඳුලක්
රහසේම සඟවා ගන්න තුරු
හිතේ ගැඹුරුම තැනක නුඹ ගැන
තදින් ඇඳි රූ මැකී යන තුරු
බලා ඉන්නම් හෙටත් පෙරසේ
අපේ මතකය මියැදෙනා තුරු
චතූ ✍️
නදී ..✍???? 4 years ago ලස්සනයි ❤️
Tiger Tiger 4 years ago woow lassanai ane thwa oone mewage ewa