Withanage DCS 4 years ago 362 1 2
නිල් කඳු මතින් පායන සුදු සඳවතිය
දැල්වෙන පහන මගෙ පැලෙ එළියක් වෙතිය
විල් මැද සුපිපි. මුදු. කුසුමය සියපතිය
මල් ගී ගයා. හද සනහන. රසවතිය
නිල් වන් දිගු රැල්ල වරළස මනා වට
රැල් හසරැඳුන. සඳවත මුව පිනා තුට
විල් හස කැකුළු තන නැලවෙන විලාසෙට
මල් කැකූළක් නැඟෙයි මා හද ගැබේ සිට
දුටු සතුටූ මලක් විළසට. පිපී. එන
රතු තෙත් ලවන් හසරැල් දී පිරී ගෙන
නෙතූ අග බැළුම් දෙන හී සැර විඳී මෙන
සතුටින් ඉමි සිහින ජය ගනු සිතීමෙන
තොරතුරු නැඟණියගෙ ගම රට එම වසන
සස්වාමිකද නැත යන බව අසාගෙන
බණවා දෙමාපිය වුව අවසරය. ගෙන
නුඹ මට දිනත හැකි නම් තව ඉනා මොන
චතුරංගි හර්ශිකා 4 years ago ලස්සනයි ❤️❤️
නදී ..✍???? 4 years ago ලස්සනයි ❤️