Withanage DCS 4 years ago 381 1 0
නිදිබර වෙලා මා හිඳි කල. යහන පිට
සුන්දර දෙවඟනක වත සිඹ දෙමිනි තුට
රසබර කතා තෙපළිය මා දෙසවනට
සිරිබර පහස දිත හසයුග පැන දොරට
නිදිදෙව්දුව පලා ගියෙ සිය ඇඳුම් සලා
මදි මට සුවය නිදිගැට හැර සෙවුමි බලා
රිදි සිත් මතින් දෙවඟන ගොස් පියාසලා
රැඳි හද සොඳුරු ම'පියඹ ඇත තුරුලුවෙලා