චතුරංගි හර්ශිකා 4 years ago 596 1 2
සීත තිමිරය තුනී වෙන තුරු හීන් උණුහුම වෙලා රැඳුණු
ගීතිකාවක් තරම් සුන්දර අතීතය මතකයක් තියුණු
හාදකම් ඇතිවෙලා බැඳුනට ආයෙමත් නොදැනීම ලිහුනු
වාරකන් කාලයක් ආවම පහසු නෑ එක්වෙලා නිවෙනු...
තාල නැති කවි පේලි අතරේ හදිස්සියෙ පැටලිලා වැටුණු
දැවී අලුවී නිවී යද්දිත් මුනි වතින් දින ගෙවා දැමුනු
අත් හැරෙන්නට නොදී අල්වා පපුවටම ගුලි කරන් හැඬුණු
සෙනෙහෙවන්තම තරුත් තිබුණා අහස අතහැර කඩා වැටුණු...
චතූ ✍️
Wageesha S 4 years ago lassanai
Ranatunge Jayawardene 2 years ago අනර්ගයි! - ජය!