Dila ???? 4 years ago 419 1 2
ඉතින් තව බෑ හිනාවෙන්න
ඕන තැන් වල දරාගන්න
නුඹත් නැති තැන හිනාවෙනහැටි
ටිකක් ඇවිදින් කියාදෙන්න
සුසුම් පොඩිකර මරාගන්න
කදුලු ඉඩ නෑ ගලායන්න
හාදු පොදියක් එවා ඇති මම
කොපුල් තල වල උලාගන්න
අපේ මතකය තියාගන්න
කලින් හිටි ඒ නුඹම වෙන්න
එකම පාරක් කැමති විදියට
මගේ ප්‍රේමිය බලාගන්න
ටිකක් නැවතී බදාගන්න
මල් සුවඳ නෑ හමායන්න
යන්න හිතුනම පපුව මැද්දේ
මගේ කවියක් ලියා යන්න.... !!!
shashi 3 years ago ලස්සනයි නන්ගි.
Ranatunge Jayawardene 2 years ago අර්ථවත් ! ❤️❤️