Dila ???? 3 years ago 415 1 2
කල්පයක් දිග මොහොතක
හුදෙකලා වූ අහසක
සියුම් මඳනළ කටහඬ
ඇහෙන, නෑහෙන ගීයකි
ඇසිපිය මතින් ඉල්පෙන
පැහැයක් නොමැති හැඟුමක
කාලය පවා ගල් වන
නම් ගම් නොදත් බැල්මකි
ඉතින් මේ දිගු තත්පර
ඉහිළිය නොහෙන ගැඹුරකි
දිව්‍යමය කැල්මක,
මඟහල නොහෙන ඇල්මක
ඇරඹුම, ගමන, නැවතුම
පිළිබඳ කිසිත් නොසොයමි
පිවිසෙමි..
යළිත් නික්මෙමි
බරැති සුසුමක දැවී ඇවිළෙන
පෙමක් අද්දර නවතිමි...
Mahesh Niroshan 3 years ago So a very good saying...wonderful❤????❤
Naween Perera 3 years ago ❤️❤️❤️