කවී 3 years ago 352 7 2

Nisadas Image

මගේ...


තාමත් ...
තාමත් ,,,
උත්තර නැති ප්‍රශ්න ගොඩයි"
ඔව්.
ලෝකයක් දන්නෙ නෑ..
ඔව්.
කාටවත්ම මං කීවෙ නෑ..
ඔව්..
සමහර ප්‍රශ්න
කවදාවත් ම මං ඇහුවෙ නෑ..
අහන්න අය්තියක් තිබුනෙත් නෑ

එයා කොහොමද එහෙම කරන්නෙ..
අනික මේ මට????

හිතුවාට ඉස්සර දවසක.'
.
.
.
නපුරුම දවස්
මං තනියම පහුකොට
හීතලෙන් ගල් ගැහුනු මගේ හිත වත්තන් කරගෙන
ආව මං මියෙන්නට නොදී රැකගෙන

උබ ගියේ ලඟ ඉන්න ඕනිම වේලාවක ..
සමහර වචන පෑරිලා ගියේ ඒ වෙලාවට ..!


අවසානය වේදනාවක් වෙන බව
දැන උන්නත්
විශ්වාස කළා එකම එක දෙයක්.
හොඳටම රිදුනු මිනිහෙක්
ඒ දුකම දෙය්ද ඉතිං තව හිතකට.."

කොච්චර හිනා උනත් මට දෛවය
තාමත් කියන්නේ මං
හැමදේටම හේතු ඇති බව...
අපි අපිව තේරුම් ගත්තා
ඇස් දෙකටවත් නොදැකම...

නුඹ හැමදේම තේරුම් කළා...
නැ හැමදේම නෙමෙ.,
හුඟක් දේ |,

නොතේරුනු තැන්
කවදාවත් ම මට නොතේරුනු තැන්
හෙමින් අමතක කළා මං..

කියාදුන් හැමදේම
මහමෙරක් වටී
මතකනම් එපා මට
මට බෑ විඳින්න
ඒ හැම තැනකම
පුංචියට හරි මට රිදිල තිබුනා
ඒ හින්ද නෙමේ
මට බෑ මතක වල ඉන්න
දරාගන්න බෑ බයයි මට ඒ අතීතෙට යන්න"

හීනෙන් ඇහැරිලා මම ඉන්නෙ
ඇත්ත හරි තිත්තයි
ඒ උනත් මට පුලුවන් රහ කර කර කන්න!

Kawee|°

Comments (2)

Mahesh Niroshan 3 years ago So a very good saying...wonderful❤❤❤️❤️

Deesha(දීෂා)❤️ 3 years ago ගොඩාක් ලස්සනයි ❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps