Withanage DCS 7 years ago 238 5 1
.....නොදන්නා බසින් සාක්ෂි දෙන සුරතල් දුව පරිවාස බාරයට ද.......
පවට භාජනයව සිටි වින්දිත
ගැහැණිය සැකකරු ලෙසින් පොලිස් රැකවල ඇතුව රෝහලෙන් කූඩුවට ද ....
යොමු වන කල්හී......
.දුර දිග නොබලා
රාගයෙන් මදයෙන් මත්ව ..
ඇය නිවුන් දරු ගැබිණිය කළ..
"මනුස්ස කම අහිමි"
ශුදධ වන්ත වූ පිරිමි ජාතියට අයත් මනුස්සයා හෝ මනුස්සයෝ
කිසිවක් සිදු නොවු ලෙසින්
හෝ නොදත් ලෙසින්
විඳිති කම් සැප සුපුරුදු විලසින්..
ගරහමින් ගැහැණියට..
දුකම සදහට උරුම කර ගත්.
පොලීසියට...
රෝහලට......
රූපවාහිනියට.....
හෝ සමස්ත සමාජයට....
අංශු මාත්රයකින් හෝ
ඇතිද උවමනාවක්
ඇත්ත වටහා ගන්නට
හෝ දෙන්නට
මනුස්සකම නැති වෙමින් යන පුරුෂාධිපත්‍යවාදී සමාජයට
යටව සිටින ගැහැණියගෙ
අවිහිංසකකම....
(මාර්තු 08 දින යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කරන සිහිපත් කිරීමකි)
.
තූර්යා ඉඳුවරී 7 years ago Well said aiya... May the triple gem bless you.