Minu ???????? 3 years ago 366 2 1

Nisadas Image

ආදරණීය බලාපොරොත්තුව.....


සවන අග හෙමි හෙමින් සපා කිති කවන්නට........
දෙනෙත අග කෝලමට නැගි සිනා විඳින්නට........
හද ගැඹුර කලත්තා මතක ගිනි තපින්නට........
නුඹ යලිත් එනවාද හීනෙකින් ඉහත්තට........

උකුල මත හිස හොවා හිතේ දුක කියන්නට........
රවා ගස්සා දුවන විට තාල බලන්නට.........
ඔටුනු කඩු බිම තියා නිදහසේ හිඳින්නට.........
හිනෙකින් එනවාද හිස හොවා හඬන්නට..........

ගිය දාම මෙලෝ හැර මගෙන් පණ උදුරගෙන.......
හදවතත් ගැහෙනවා විතරමයි පුරුද්දට........
මම ඇඟිලි ගනිනවා නුඹේ ලඟ නිදන්නට.........
හීනෙනුත් දැනෙනවා තවම නුඹෙ හුස්ම මට..........
????❤️

@Minu...

Comments (1)

Deesha(දීෂා)❤️ 3 years ago I felt it ❤ ❤❤❤





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps