Ranatunge Jayawardene 2 years ago 270 1 0

Nisadas Image

කතර

සය දොරින්
පිවිසිලා
වේදනා
නාමයෙන්
සන්නමක් ගොතාලා
සංඛාර හැදී ලා
විඤාන පෙළහරින
මිරිඟු වේ දැවි දැවී
වෙලී ලා එරී ලා
අවිද්‍යා මම ම වෙද?
දෘෂ්ඨියෙන් වෙලි වෙලී
සදාතන නිරුදකේ
මාර සෙනගත් සමග
දුකම සතුටක් බවට
පිළිගෙනම සිටින්නේ
අන්ධ වී,
බිහිරි වී.
~~ ~~ ~ ~~ ~ ~ ~ ~ ~ ~
කතර/03ඔක්2021/රනේ

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps