Sandu U Nanayakkara 7 years ago 277 5 0
පෙරුම්පුරා මඟ බලනා
දින ගනිමින් ඇති මනා
පියකරු මල්-මල් සිනා
මවයි සිත්තම් රුසිරෙනා
නෙක නෙක ඇඳුමින් සැරසෙන්නිය
රූබර රන් අභරණ පළඳන්නිය
සොඳ තැලි ලා මාල සතක් දමන්නිය
ඇය මනමාලී මඟුල් දිනේ සරසන්නිය
සුදුවන් සේල ඇඳ පෝරුව මත පිහිටාලා
දෑගිලි බැද ඔහු හා සතුටින් හිනැහීලා
ජයමංගල ගී නාදෙන් දෙසවන් පුරවාලා
ඇය අරඹයි යුග මඟ ඔහු අත දවටාලා
නව යෞවන විය කිරුළ පැලදි ඇය සුකුමාලී..
මල් දවටා හිසකේ මත නව සුවදින් හද කළඹාවී..
කෝල සිනා මුදු දෙකොපුල් රත් වූ අවිහිංසක මනලෝලී..
ජීවිත ගමනේ දොරගුළු විවර ව යන්නට ආසිරි ගීත ගයාවී..
**සඳූ **