නදී ..✍???? 2 years ago 398 2 2
මධුමේහයට
පැණි රහ අගුණයි කිය කියා
සීනි බෝතලේ අඩිය හූරද්දි තාත්තා
හාංකවිසියක් තිබුනේම නෑ
එලබෙන දවස් ගැන,
අම්මත් ගියාට පස්සෙ එලොව
පෙට්‍රල් මෑන් වෙලා
වහන්කරගෙන ජීවිතේ හිස් තැන්
ඇස් දෙක වගේමයි බලා ගත්තෙ
කෙලි පැටික්කිව...
"ලිපිකාරිනියක් කරලා
රජයේ ඔෆිසියක"
සින්න වෙන මහ ගෙදර
අඹ ගහේ මුදුන් අත්තක
හවස හය පහු වෙනව එක්කම
උලලේන කෑ ගෑව එදා මූසල දවසක් !
...............................................................
අනේ! පව්,
පොඩි එකීට යන දසාව
"සුමනෙ ලිස්සල වැටිල
යකඩ පීලි දෙකක් අස්සෙ
පණ ගිහින් එතනමලු"
ගම වටේටම ආරංචිය
ගියේ විනාඩියට දෙකට,
යාන වාහනෙන් බටවුන
වට කරන් නෑදෑ පිරිවර
නැතත් මල් වඩම්
එහෙත් මල ගෙයකි.
සුදු කොඩියක් විතරක් එල්ලුව,
" මොලේට ලේ බැහීමක්"
හේතුවෙන් වුනු මරණයක්
වෛද්‍ය වාර්තාව ලියැවුනා.
ඒත්,
සාක්කි ඕනෑවට වැඩියෙන් දන්න
විත්තිකරු තවමත් නිදැල්ලේ
නිහැඬිය ..........
තාත්තා පයලෑව
"ගෙවුනු හිල් බාට දෙක!!"
නදී රුබසිංහ????️
තූර්යා ඉඳුවරී 2 years ago අනේ ඒක...හදවත නැවතුණා වගේ දැණුනා..හරිම සංවේදී නිර්මාණයක් ....????????????
janaka fernando 2 years ago නදී රූබසිංහ??? ????????????????????