*$@n¢hi* 2 years ago 393 3 0

Nisadas Image

අහිමි ප්‍රේමිය...❤️

ආත්මය පුරා ඔබේ ආදරය ලබන්නට තරම්
මා කර පිං මදි ඇති...
ඉතිං සදවත සිවු වසරක් පුරාවට
මා නුබ දරා සිටියේ අතින්වත් අත් නොඅල්ලාම...
ඉදහිට හමු වූ වාර වල වත් නුබ බලා සැනසුණා මිස.,
අපි මැයූ හීන වල බොල් බව අපිටම කදුළු වරුසාවක් පමණක් ඉතිරි කොට නිමා විය...

ඉදින් ප්‍රේමීය,
පමා වී හමු වීමට වඩා
හමු වී පමා වීම ඇස අගට කදුලක් බව,
ඔබෙන් උගත්තෙමි....

~sahini~

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps