*$@n¢hi* 2 years ago 305 1 3
කර්කෂම මාවතක
දෙනෙත් අතර මග
සිනහ රැළි නොව,
උණු කදුලැලිය...
දෑත අද්දර සැගව තිබුණේ
කරගැට නොවේ ඒ,
විඩාවේ උස් කදුය
පුදුමයි නුබ කැවූසැටි ආලයේ රස මිහිර...
පන්හිඳටත් වාරු නැතිවද
මතකයේ ඉමිහිරිම තැන,
සුව කරනු කිම
ලයේ ඉරිතැලුම් වල ගැඹුර...
කවදා කොතැනකදි හෝ
අවසනක් නැත,
අමාවක වුවත් සද ඇත
අහස මත...
පිය සෙනෙහසේ ගුණ මෙනෙකැයි
කියනු කිම....
~sahini~
Mahesh Niroshan 2 years ago ❤❤❤
Ranatunge Jayawardene 2 years ago සුව කරනු හැකි කෙලෙස? ලයේ ඉරි තැලුම් ගැඹුරුය.. ( ජය!)
*$@n¢hi* 2 years ago thank you ????