Ranatunge Jayawardene 2 years ago 390 1 1

Nisadas Image

අමතක කල රෑ..

ගහ කොල නිහඩව
ඇල දොල සලිත ව
හඳ තරු තනියම
තිබුනා මතකද
***
සිසිලෙන් ඇලලුනු
රිසියෙන් බැබලෙන
පිනිබිඳු තණ අග
දිලුනා මතකද
***
ඈ ත වැඩ පොලේ
මනිය හඬ නගා
දෙකේ කනිසමයි
කීවා මතකද
***
කන් පට හැඩවූ
සුනක දේනුවට
හි ත යට කොඳුරා
බිනුවා මතක ද
***
ඉර එන්නට පෙර
දිවගොස් සැඟවුනු
කළුවර අමිහිරි
ඒ රෑ මතකද
_______________________________
12අප්‍රේ2020/රනේ/අමතක කල රෑ..

Comments (1)

Ranatunge Jayawardene 1 year ago කනිසම - වෙලාව





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps