*$@n¢hi* 2 years ago 311 0 0

Nisadas Image

පෙම් පුරාවතක් නිමා විය...

සබද,
නුඹ විසින් දල්වා ආලෝකවත් කර
පහන් සිළුව
ප්‍රේමනීය සළු පටකින් රැකගත්
ඒ දින වරු...

අද,
නුඹ විසින්ම මිලින කර
පහන නිවා දැමූ බැවින්
ප්‍රේමනීය සළු පට සුළගේ
ගසා ගෙන යෑමට මම
ඉඩ හැරියෙමි...

ඉදින්,
ප්‍රේමය කියා දී
පමා වී හෝ ප්‍රේමයේ
පහන කිසිදා දැල්වීමට
නොහැකි ලෙස
විසි කර දැමුවාට ඔබට ස්තුතියි...

එසේ නොවුනානම්,
මැටි පහනේ පලුදු
මකා දමා පිළිසකර කර
ඔප දැමීමට මා
දැනිදු වෙර දරන බැවිනි...

~Sahini~

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps