gimhani deepamali 2 years ago 219 0 0
අහස් ගැබ එළිය කර පෑයු රන් තරුව විලසේ අසිරිමත් සිදුහත් කුමරු උපතේ
පිබිදුනා සුවදින් සත් තඹර මිහිමඩලේ සිදුනා දුක් ලෝකතලයේ
යනෙනා මේ දුක් ගංගාවේ හදුනා
සියලු විඩාවන් මනුසතාගේ
නිව්නා ලෝ තලයම දම් සිසිලේ
අමාමහ බුදු හිමිගේ සෙවනේ
කුසල් වඩමින් යනෙන ගමනේ
නිමක් සොයනෙම් හිමිගේ සරණේ
සසර කතරෙන් එතර වන්නට
පෙරුම් පුරනෙම් දිවි ගමනේ