gimhani deepamali 2 years ago 208 0 1
අහස් ගැබ එළිය කර පෑයු රන් තරුව විලසේ අසිරිමත් සිදුහත් කුමරු උපතේ
පිබිදුනා සුවදින් සත් තඹර මිහිමඩලේ සිදුනා දුක් ලෝකතලයේ
යනෙනා මේ දුක් ගංගාවේ
හදුනා සියලු විඩාවන් මනුසතාගේ
නිව්නා ලෝ තලයම දම් සිසිලේ
අමාමහ බුදු හිමිගේ සෙවනේ
කුසල් වඩමින් යනෙන ගමනේ
නිමක් සොයනෙම් හිමිගේ සරණේ
සසර කතරෙන් එතර වන්නට
පෙරුම් පුරනෙම් දිවි ගමනේ
දම් සෙවනේ අප හිමි සදගේ
නිවා තුන් ලො අදුරෙන්
මිදුනු මනුසිත් වඩා කුසලින්
දුරු වී දුක් ගගුලේ
අටලෝ දහමින් නොවි කම්පා
දරා ගෙන දිවි කටුලු කම්පා
නිවෙම් සදහම් සිසිල සෙවනේ
රාත්‍රි සද නිමා වෙන යමේ
පරදා මාර සේනා
බුදු බව ලබා අප හිමි මුදවා ලෝ දුක්
සොබා දහමද මලින් පිදුවේ
අප මහා බෙසතුන් සෙවනේ
උතුම් ගුණ දම් දුටිම් හිමිගේ
නිවෙම් සැනසෙම් කුසල් මග ගොස්
අප ගෞතම බුදු හිමිගේ
Ranatunge Jayawardene 2 years ago ' මම' හඳුන ගැනීම සහ 'මම' පිටු දැකීම.