Ranatunge Jayawardene 1 year ago 243 0 0
ඔබ ව හමු වූ එදා
අව් සැරය සැප වුනා
දුහුවිල්ල පිනි වුනා
ගෝෂාව ගී වුනා
කුස ගින්න නැති වුනා
***
ඔබේ අත ගත් දවස
ඔබෙ වුවන සඳ වුනා
අහසෙ තරු දිලිසුනා
මල් සුවඳ තේරුනා
හුළඟ පවනක් වුනා
***
ටික කලක් පාවුනා
නෙලු පලා මැල වුනා
පිපුනු මල් පුහු වුනා
උදා ගිර සැර වෙලා
අපව හෙම්බත් වුනා
***
අහස දැනගෙන වගේ
හඳ තරුත් හැංගුවා
වලාකුළු කලුවුනා
කෝපයෙන් ගුගුරමින්
කඳුළු කැට පිටකලා
මම කඳුලෙ නෑවුනා
නුඹ මගෙන් වෙන් වුනා
---------------------------------------------
රනේ/15ජුනි2024/වෙන් වීම