Ranatunge Jayawardene 1 year ago 194 0 0
මුල දී
බිංදුවේ සිටි ඔබට,
මා අගයක් දී;
එහි ගුණය
වැඩි කර
පසුව
තව තවත් අගයන්
එකතු කරමින්
දිගින් දිගටම
රැගෙන විත්
දිනෙක,
ප්‍රථිඵලය විමසා
මා ලැබුයේ
තවමත්,
මුලින් සිටි
අසරණ
ඔබ ම නම්...
***
මා ප්‍රියය,
මා
වරද්දා ගෙන
නැති මුත්,
මා වැරදි යැයි
හඟිමින්,
නොවෙනස්ව ඔබ
මා හදන්නට
පමණක් වෙහෙසී
ලැබූ සහ
ඉදිරියටත් ලබන
නියත අගයක් මැයි,
ඒ බිංදුව.
------------------------------------------
රනේ/15ජුනි2024/නියතය