Ranatunge Jayawardene 1 year ago 228 0 0

Nisadas Image

තාත්තා

මම, උඹ දන්නෑ කියලා හිතුවත්
අන්තිමේ, ඒ අමාරුම පැයේ
හිත කැඩිච්ච පදමට ම
පය ගැසූ තැන ඒ දන්ඩ
දිරච්ච බව දැනුනේ
ඇල පත්ත වැදුනු කලුගල
ලිස්සා ඇලට වැටුන සද්දෙට
***
උඹේ කෙදිරිය නොඅසා මම
මගේ කර බදාන හිටි ලෙසටම
ඔසවා වැරක් ගෙන අළුතෙන්
පිළි පන්නේ ගුරු පාර මත්තේ වූ
අපේ පැල වෙත
ඒ උඹේ මාළිගාව
***
උඹේ පණ හයියයි !
කෙඳිරි ගෑවත් ඇඬුවෙ නැති වග
රැහැයි සද්දෙන් මෙපිටට නෑහුනු
මලානික ඉකියට
කට්ට කළුවර උදව්වක් දැයි
නිකමට මට හිතුනා
***
ලිග්ගල් තුන සතුටෙන් දරා හිටි
රත් කරපු බතල ගෙඩි දෙක
නුඹට රජ බොජුනක් වුනු බව
කිරි සිනා තොල් සාක්කියි !
***
මා දෙස නොබලන්
නැවත මා පුත එලෙසින්
මැටි පොලව සිපගත්
මා ඇස තෙත් කල දුලබ කඳුලක්
හිරිකඩ හුළඟට නටනා
ලාම්පු දැල්ලෙන්
යන්තමට මෙන් පෙනුනා
***
තෙල් බිංදුවෙන් පණ ගැහෙන
තිරකඩට නව එළියක් දීපන්
මගෙ පුතේ හෙට උඹ
අම්මා කෙනෙක් වෙන්නම්
එතකන් නුඹට මම
කෙඳිරුනා ඉබේම මට.
------------------------------------------------
රනේ/16ජුනි2024/තාත්තා

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps