Ranatunge Jayawardene 1 year ago 221 0 1

Nisadas Image

දැහැන

කළුවරට ම පුරුදු වුනේ
එළියට අකමැතිව නොවේ
පිරිසිදු කළුවර තුලිනුයි
මා 'සිත් පෙල' පහන් වුනේ
*
කලුවර හැමදා පැවතී
එළියක් මතුපිට ට වැටී
'රූපය' හිත තුලට ගියා
පැටලිලි අවුලට ම ගියා
*
ඉසි, කෝ, මඳ, මාන වැවී
'සිත් යායම' අඳුරු වුනා
ඒ තුල වූ ක්ලේෂ දැලේ
අසු වූ සිත නොමඟ ගියා
*
'මිතුරන්' නැති මගේ ලොවේ
මා සිත මා මිතුරා වී
නිසසල මිහිර ට ඇලලී
කළුවර ලොව පහන් කලා!
*
අඳුරට ලූ කරුණු පෙනී
ප්‍රඥාවට හිත ඉඩ දී
'කළුවර කුටිය' කට වැදී
නිසසල හිත අවධි කලා!
*
ධ්‍යානය නම් දැල්ල මැවී
විද්‍යාවේ මඟ හෙලිවී
සමතයටම සිත යොමු වී
විදසුන් පෙර මගට පෙනේ!
------------------------------------------
රනේ/19ජුනි2024/දැහැන

Comments (1)

Ranatunge Jayawardene 1 year ago ඉසි - ඊර්ෂාව කෝ - ක්‍රෝදය මද - මදය මාන - මාන්නය





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps