Ranatunge Jayawardene 1 year ago 216 0 0
සියළු හොඳ තොග
අවසන් වී ඇත.
**
කලින් පන්නයේ හොඳ
නැවත ඇනවුම් කළ ද
ඒවා නිශ්පාදනය
සීමා කොට ඇති බව
හොඳ නිපදවන්නන් විසින්
අප වෙත
දන්වා එවා ඇති හෙයින්
සැපයුම්
ඉතා සීමිත වනු ඇත.
**
ඒ කෙසේ වුවද
ඔබට නැවත
හොඳ ඕනෑම නම් පමණක්
අවශ්‍ය හොඳ ප්‍රමාණය
අප වෙත ඇනවුම් කර,
ඒ සඳහා
කලින් ප්‍රමාණයට වඩා
දෙගුණයක ගෙවීම්ද කර
ඉවසීමෙන්
කාලයක් බලා සිටිනා මෙන්
දන්වමු.
**
එසේම,
දැන්
හොඳ නිශ්පාදනය කරන අමුද්‍රව්‍ය
හොඳටම හිඟ බවද
එනිසා
පහසු ගෙවීම් ක්‍රම වලට
නැවත හොඳ සැපයුම්
නොකරන බවද
දන්වා සිටිමු.
**
කලින් පරිදි
නරක සඳහා
හොඳ හුවමාරුවද
සම්පූර්ණයෙන්
නවතා දමා ඇති බවද
සිහි තබා ගන්නා මෙන්
ඉල්ලමු.
**
මෙයට,
සීමා සහිත
හොඳ සපයන්නන් ගේ සංගමය.
----------------------------------------------
රනේ/20ජුනි2024/දැන්වීමයි!