Ranatunge Jayawardene 1 year ago 227 0 1

Nisadas Image

'මම'

මට දුකයි, කණගාටුයි ..
ඔයා ගැන..
ඔයා තාමත් ඉන්නේ
'මම' එක්ක...
*
මට
කියන්න විධියක් නෑ
'මම' ත් එක්ක
ඉන්න එපා කියල ඔයාට.
කියන්න කොච්චර ඕන වුනත්
මට වචන නෑ ..
තේරෙන්නෑ..
කියන්න.
*
කොහොම හරි ඔයා
දැනගන්න ඒක..
'මම' ඉන්නෙ තාමත්
ඔයා ළඟ.
ඔයාටත් තේරෙයි
කවද හරි
ඇත්තටම
'මම' නැති වුනාම
සියළු කරදර
'මම' නිසා කියල
*
මට විශ්වාසයි හොඳටම
ඔයාටත් දැනුනොත් ,
තවත් එක මොහොතක්
හිතන් නෑ.. ඔයා
ඇත්තමයි
'මම' ගැන ..
ඔයා අතාරියි 'මම' ..
අතෑරල,
ඔයා නිදහස් වෙයි ..
සැබෑ ජීවිතය තුල
සතුටු වෙයි ..
ඔයා ඒ
'මම' නැති මම එක්ක !
-------------------------------------
රනේ/23ජුනි2024/'මම'

Comments (1)

Ranatunge Jayawardene 1 year ago 'මම' = මමත්වය (Ego)





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps