Ranatunge Jayawardene 1 year ago 209 1 0
පෙර දිගෙන්
නිති ගෙනා
දේ වනා
දුක් වෙනා
+++
හෙලයිනේ
පෙර දිනේ
අපි අපේ
වැඩ කලේ
+++
යපස් ලෝ
යකඩ වී
අවි කලා
යුද කලා
+++
කොහු තලා
පං ගොතා
වේ වැලෙන්
හැඩ කලා
+++
වී ද මෑ
අල වවා
බත දැයේ
සරි කළා
+++
හෙල බේත්
කුල සිරිත්
රැකිය යුත්
මුතු මැණික්
+++
වෙහෙර වැව්
කඳුද හෙල්
ඇලි ද ගං
ව්ඳිමි මං
+++
තුරු ලියන්
වතු උයන්
ගෙඩි මලින්
බර කරන්
+++
දූ පුතුන්
මව් පියන්
නෑ සියන්
වට කරන්
+++
රකිමි මං
දනිමි දැන්
පින් බිම යි
ලක අපේ !
____________________
රනේ/08අප්‍රේ2020/
පින් බිම