Ranatunge Jayawardene 1 year ago 237 0 0
විටෙක ඔබ මහ
කළු වලාවක්
පුන් සඳ මුවා කර
මගේ ලෝකය
අඳුරු කරන
*
විටෙක ඔබ දැඩි
අකුණු සැරයක්
මගේ හදවත
කීරි ගස්සන
*
විටෙක ඔබ රළු
කුණාටුවක් මයි
මගේ දරුවන්
මගෙන් උදුරන
*
විටෙක ඔබ
ඉරි තැලුන පොළොවයි
ඇස් රතු කරන්
කඩා හැලෙන
කඳුලු වැස්ස
උරා බොන
*
විටෙක ඔබ
සැඩ පහරක්..
මා
පෙලන
*
ඒත්,
දැන් මම
මහ කළු ගලක්
දැන දැනම මේ
දුක උහුලන.
----------------------------
රනේ/25ජුනි2024/
කළු ගලක්