Ranatunge Jayawardene 1 year ago 220 0 0

Nisadas Image

මගෙ සුදු හඳ

මා හිතවත් සුදු පුන්සඳ ,
සමාවෙන්න ඉස්සෙල්ලම
හඳුන ගන්න බැරිවුනාට
ඔයා අපිට
මෙච්චර කල්.
*
ඔබ සතුටෙන්
ඉන්නෙ කියල
දිගටම අපි
හිතා උන්නෙ.
ඒක නිසා
අපි ඔක්කොම
ඔයාට හරි
ආස වුනා.
*
සුරංගනා කථා වල යි
බොළඳ ම පෙම් කථා තුලයි
අවිහිංසක ලෝකවලයි
ඔයා අපේ පැතුම වුණා
*
අනේ මංද
කොහොමද දැං
ලෝකෙට අපි
මුහුණ දෙන්නෙ?...
චීනෙ ඈයො කථා හදල?
*
ඔයා ඉන්නෙ දුකෙන් කියල
චීනෙ පුරා හරි ජරමර
කළුවර පැත්තක් තිබේලු
එහෙට එළිය එන්නෙ නෑලු
"දුර දිග නොබලා කියනා
අහංකාර චීන කථා !"
මං නං එහෙමයි හිතන්නෙ ..
*
ඒ වුනාට සඳේ ඔයා
දුක සැප දෙක තුලිත කරන්
හොඳ මූනම පෙන්නා ගෙන
අපි ගැනමයි හිතල ඇත්තෙ
*
හැම දේමත් ඔහොම තමයි
ටික කාලෙකට යි රැවටිලි
ලෝකෙ ඈයො බෑ හදන්න
එපා ඔයා දුකක් ගන්න
*
උගත් ඈයො
මොනව කලත්
අපේ කිසිම වෙනසක් නෑ
අපිට ඔබේ අඩුවක් නෑ
අදටත් ඔබමයි මගෙ සඳ
හෙටත් ඔබයි මගෙ සුදු හඳ !
----------------------------------------------------
රනේ/27ජුනි2024/ මගෙ සුදු හඳ

Comments (0)




Copyright © 2021 Nisadas | Powered by Arvin Apps