Ranatunge Jayawardene 2 years ago 225 0 0
අකුරු සමග පොර-බදද්දි
නෙත් වලිනුයි කථා කලේ
දෙහ-දක් එක් අරමුනකට
පොරොන්දු වූ හැටි පුදුමයි
*
මහප්-ප්‍රාණ නෑ හිතුවේ
ඒ මොහොතයි අගය කලේ
හිටියෙත් අපි ඇස් ඇරගෙන
පාට කන්ණාඩි නොමැතිව
*
ශිල්පය ජය මාවත වී
දූ දරුවන් වත්කම වී
මුළු පවුලම සම්පත වී
මිහිපිට දෙව්ලොව හමුවී
*
එකට වැටී, එකට කකා
එකටම උන්නත් මෙතුවක්
නිකං සිල්ලරේ කිව්වට
ආදර තොගය ම ඉතුරුයි!
-------------------------------------------------
රනේ/21ජුලි2024/ආදර-තොග