Ranatunge Jayawardene 2 years ago 239 0 0
ඉඩෝර බිම තෙමාලු
අවාරෙට ආ වැහි රැල්ල ඔබ ..
*
වියළි දඬු වුව පැලවෙන
සරු පොළොව වන මා..
ඔබෙන් තෙත්වූ සෙනේ සිහිලෙන්
පෙමෙන් නැහැවුනු හදවතේ..
සාර වියැකී මියදුනු,
හරිතගුණ ප්‍රේමයක සුන්බුන් මත
නැවත පැල කර..
මුල් ඇද්ද වූ දෙවෙනි පෙම, ඔබ.
*
නතර නොකලැකි
සැඩ සුළඟ වන් ඈ ගෙන්
යදිද්දී මා ජීවිතය යලි ..
සී සී කඩව ගිලිහුණු
ආත්මයේ පන්නරය,
දුන්නේ කෙලෙසක ද මට?
මේ ජීවිතය තුල යලි ඔබ,
කිසිවකුට නොදෙවෙනි ව.
--------------------------------------------
රනේ/29ජුලි2024/
දෙවෙනි පෙම