Withanage DCS 7 years ago 298 4 0
දෙගොඩ තලා ගිය ගංවතුරේ
කළුගං බඩ ඉවුරේ
අයාලෙ ගිය මාලුන් සොයමින්
බුලත් විටකින් කට රතු ගත්
මනමාලයා ...
හබල නැතුව ඔරුවක
පැද්දි පැද්දි මං ...
කල්ප ගණන් දුර සිට
පතාන ආ මගෙ පෙම්බරයයි සිතු..
කපුවා මවලා දුන් තොරතුරු ...
මමත් අපිත් රැවටී ගිය..
මගේ දේපලට මහත් ආදරෙන්
මුදල් පසුම්බිය නොහිමි මා හිමි
මගේ දෙකපොලට ලංවී
රහස් කිය කියා ...හාදු දිදී....
මා කැන්දන් ගිය මුත්..
සුවාමියා තම අැඹේනියට
කෙලෙසක දැයි සලකන්නේ ...වත්
තාත්තා කෙනෙක් වෙන්නට
සිතක් කිසි දිනක සිතලාවත් නැති.
මගේ වතට ලංවී ..නුඹ
ගැබ්බර කලෙ මගෙ හිත ..
මනසිකාර යෙන් උභතෝකෝටික
කල්ප ගණන් දුර ඉඳලා පතමින් ආ..
අම්මාවක් වන පැතුම
කවදා ඉටු වේවිද..මගෙ?
පැද්දි පැද්දි ගංවතුරේ
හබල බිඳුණ ඔරුවක මං