Sandu U Nanayakkara 7 years ago 310 3 1
ලොව හැම පැවතෙන්නේ නිති බැඳීම් ය
අඹුසැමි දෙමාපිය සොහොයුරු බැඳීම් ය
නමුත් අද ලොවේ ඇත එක විදියක් ය
හැම බැඳීමම සමාජගත වී වැඩිය
දෙමාපිය සෙනෙහෙ වැඩී ඇත අද මුහුණු පොතේ
නමුදු සැබෑ සෙනෙහස නැත ගෙදර
දොරේ
සියළු බැමි බොහොයි නා නා විද කතා ඇතේ
බැමිද බිඳ යතේ නැතිනම් අන්තර්ජාලේ අතේ
පුද්ගලිකයි රහසිගතයි පොදු වීලා
ආදර කතා ඇත ලොවටම පල වීලා
හැම බැඳීමකම එක රස පෑහීලා
විවිධත්වයක් නැත අද ලොව එක වීලා
මුහුණට යාළු ඇතුළත ඇත නරි යාලූ
පිටතට හිනා ඇතළත ගිනි කබලක් ලූ
ආදර විරහා හැම බැමි බැම මඟුලක් ලූ
මේ වගේ රැඟුම් රඟනා හැම නළුනිළිලූ
සඳූ (සඳ සාවී ? )
මවුල ඌශියන් අධිකාරම් 7 years ago කාසියට හුරු මිනිසුනේ වාසියට හැරුනේ උනුන්ගෙ මුන වෙස් බව නොදැනේද සකි