Asanka Costa 7 years ago 285 0 0
ඔබ එක්ක තනි වන්න ආසයි මටත්..
මා එක්ක ඔබ ඉන්න හැමදාමත් ළඟින්..
ජීවිතේ සෝ සුසුම් සතුටින් දරන්..
ආදරේ දෙන්න දෙවි සමිඳෙ සයුරක් ලෙසින්..
සෙවනැල්ල සේ මා ළඟින් හිඳිනා
ජීවිතේ කිසිම දා මා අතැර නොයනා
ඔබම හැර වෙන කවුද එලෙස සිටිනා
ඔබයි සමිඳෙ මා ජීවිතේ සැමදා..
කදුලැල්ල පිසදා හසරැල්ල නංවා
ඔබයි ජේසු සමිඳේ මෙලෙස සිටිනා
මගේ ජීවිතේ සදාකල් ආදරෙන්
පුරවන්නෙ ඔබ පමනි ජීවිතේ සැමදා..
අසංකා කොස්තා?