තූර්යා ඉඳුවරී 6 years ago 305 6 7

Nisadas Image

අරුමැසි සෙනෙහෙ....

නුඹෙ පුළුල් පපුතුරට සෙනෙහසින් ළං වෙන්න...
හද ගැහෙන ඒ රාවේ නිහඬවම විඳගන්න...
ආදරය පිරුණු නෙත් පතුලේම කිමිදෙන්න...
සුදු මහත්තයෝ ඉතින් මෙමට අවසර දෙන්න...

පාළු මගෙ දිවිය වෙත සෙනේ දියවර මුදා...
ඒ සොඳුරු සිසිලසෙන් මාව සුවපත් කළා...
නොයිඳුල්ම මගෙ සෙනෙහෙ නුඹේ නමටම පුදා...
නුඹේ සිත්මලට වී හිඳිමි මිහිරි සුවඳක් වෙලා...

පින්සාර නුඹේ සිත ළඟ දැහැනකට සමවැදී ...
උවැසියක ලෙස හිඳිමි නුඹෙ නමට පේවී...
මතු මතුත් ඉපදෙන්න නුඹෙ නමින් සසරෙදී..
පුරන්නම් පාරමී යශෝදාවක්ම වී...

Comments (7)

Ashan Mihiranga 6 years ago ලස්සනයි ??

තූර්යා ඉඳුවරී 6 years ago Thank you soooo much dear...????

සූටික්කි??? 6 years ago ?

තූර්යා ඉඳුවරී 6 years ago සූටික්කියේ..???? කෝ බට්ටි ඔයාගෙන් නිසඳැස්???

Asela Madushanka 6 years ago කවදක හරි දැක්කොත් මග හැරලා යන්න එපා

තූර්යා ඉඳුවරී 6 years ago ඇයි dear එහෙම කීවේ ...?????

Deesha(දීෂා)❤️ 6 years ago Woow❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps