තූර්යා ඉඳුවරී 6 years ago 278 4 4
නුබගැබ අරා සෙව්වෙමි
උදුල තරු කැටයක්
නුඹේ නෙත් කැල්ම පරදන...
මංමුලා වූ මුත්
නෙක තරු අතර
නුදුටිමි එවන් තරුවක්....
සත් සමුදුර තරණය කළෙමි
එකදු සයුරක් සොයා
නුඹේ සෙනෙහස් සමුදුර පරදන...
හති වැටුණ මුත් දළනිදු අභියස
නුදුටිමි එවන් සයුරක්...
නේක විල්තෙර වල සැරුවෙමි
එකදු පියුමක් සොයා
නුඹේ මනුදම් සුවඳ පරදන..
විඩාවට පත්වූ මුත්
සහසක් පියුමන් අතර
නුදුටිමි එවන් පියුමක්....
??තරූ සමනළී??
✍️Nilushi Nisansala✍️ 6 years ago ? ලස්සනයි
තූර්යා ඉඳුවරී 6 years ago Thanks...????
සිතුවිලි පාරමී 6 years ago ❤
Kavinda Malshan 6 years ago Lassanai Asa hitenawa