✍️Nilushi Nisansala✍️ 6 years ago 351 8 1

Nisadas Image

ඇයත් උපාසිකාවක් ?????

විලිස්සමින් බොරු දත්ටික
කියයි පුරාජේරු එමට
සිල්ගයි නොවරදා පෝයට
බෙදයි ඕපාදූප රටක,

ගල් පෙරලුවා
දෙව්දත් මුනිදුට,
සාදු සාදු කියයි එවිට ,
අද රස නෑ දානේ වේල
ගිලන්පසට හකුරු නැද්ද ?

අනේ ! මුන්ට තියෙන ගාය
කියයි පුංචි වුන්ට දෝස ,
ගම වටේට ඇවිද ,ඇවිද
සොයයි නොයෙක් වාසදේස

කලක් ගෙවී ගියේ නොදැනිම
ලෙඩවී මියැදුනා විගසින
ආ නොයෙකුත් නෑ පිරිවර
අඬමින් ගයනවා ඇගේ ගුණ ,

" අදදින අප අතරින් සමුගන්නා උපාසිකා මාතාව ..........................."
බණට වැඩිය මහ සඟ ගණ
දෙසන කලට ඇගේ ගුණ කඳ
ඈ ගැන දත් ගමේ උදවිය
බලයි මුවින් මුව රහසේම,

කුමක් කියමී මේ ගැන තව
මමත් රකිනවා මුනිවත !!!!!

Comments (1)

Ranatunge Jayawardene 1 year ago ඇත්තම ඇත්ත. - ජය!





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps