තූර්යා ඉඳුවරී 6 years ago 272 3 8

Nisadas Image

??????

නුඹ නිති සරණා
මගෙ හද විල තුළ
නුඹේ නමට පිදු
සෙනෙහස දෝරෙ ගලයි...

හදවත් දෙවොලේ
නුඹගේ පිළිරුව
බැතිබර දෝතින්
තැන්පත් කරලා
දිවි හිමියෙන් ඒ
පිළිරුව සුරකින
දේවදාසියයි හිමියනි මා නුඹෙ...

ජීවන ගමනේ
අත්වැල් පටලා
සෙවණල්ලක් සේ
නුඹෙ ළඟ හිඳුමට
භවයෙන් භවයේ පාරමිතා පිරු
යශෝධරාවයි හිමියනි මා නුඹෙ...

??තරූ සමනළී??

Comments (8)

සත්සරණි 6 years ago Nice ?

Madduma Bandara Srinarayana 6 years ago ලස්සනයි ගොඩක්

තූර්යා ඉඳුවරී 6 years ago තෑන්ක්ස් සූටික්කි

තූර්යා ඉඳුවරී 6 years ago තෑන්ක්ස් අයියේ...

Deesha(දීෂා)❤️ 6 years ago අනේ ලස්සනයි ??❤️

තිසරණී පාරමිතා ❤️ 6 years ago ❤️❤️❤️❤️

✍️Nilushi Nisansala✍️ 6 years ago ?????

චතුරංගි හර්ශිකා 5 years ago ලස්සනයි





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps