සිතුවිලි පාරමී 6 years ago 215 3 6
සද හොරෙන්ම හිනා වෙලා මගෙ මුහුනට එබී බලා
අද එනවද අද එනවද කියා අහනවා
අද ඒවිද නේවිද ඔබ කවදා කොතැනක හමුවෙද
නොදැන මමත් ඔබ එනතුරු බලා ඉන්නවා
නොඑනා බව පෙනෙනා විට සදත් නොකියා හොරෙන්ම
දුකින් වගේ හෙමින් හෙමින් යන්නට යනවා
මාසෙ පෝයෙ කලුවර හද මඩල වසා යද්දිම මගෙ
සුපුරුදු කදුලක් මගෙ ලග තනිය මකනවා
තරු කැට වට වී සිටියත් සිත් ගත් තරුවක් නැති දුක
සදේ නුඹට වාගෙම අද මටත් දැනෙනවා
ඊලග පුර පසලොස්වක සද එද්දීවත් මගෙ ලග
කුමරාණෙනී නුඹ හිටියොත් කියා සිතෙනවා
❤පාරා❤
තූර්යා ඉඳුවරී 6 years ago Woooooow...It's really very nice paara....?????
සිතුවිලි පාරමී 6 years ago Thanks තූර්යා??
Deesha(දීෂා)❤️ 6 years ago ❤️? ලස්සනයි nanga
සිතුවිලි පාරමී 6 years ago Thanks akkiyooo
✍️Nilushi Nisansala✍️ 6 years ago ගොඩක් ලස්සනයි
සිතුවිලි පාරමී 6 years ago Thanks nilushi?