සිතුවිලි පාරමී 6 years ago 407 5 7

Nisadas Image

ඇය අම්මා නම් විය

අද මම උගතෙක්ලු
අම්මා මං තරම් ඉගෙන ගෙන නෑලු
හරි වැරද්ද මොකක්ද අම්මට වඩා මං දන්නවාලු
සමාජය ඉස්සරහ මං වැදගත් චරිතයක්ලු
ඒත්
මතකද අම්මේ...
පුංචි කාලෙ මට 'අ' යන්න උගන්නන්න
අම්මා කොච්චර මහන්සි උනාද
පාට පිට යන්නෙ නැතුව චිත්‍රයක් පාට කරන්න
මට කියල දුන්නෙ අම්මා නේද
වැරදි වැරදි වචන කියද්දි
අකුරු ගළපලා වචන ලියන්න කියන්න කියලා දුන්නෙ අම්මා නේද
ඉතින් අම්මේ
මං කොහොමද අම්මට වැඩිය උගතෙක් වෙන්නෙ
මට හැමදේම කියලා දුන්නෙ අම්මා වෙච්චි කොට
මතකයි අම්මෙ මට
මොන්ටිසෝරි ගිහින් එද්දි
පයින් යන්න බෑ කියද්දි
අම්මා මාව හැමදාම වඩාගෙන ආපු හැටි
මතකයි අම්මෙ මට
ඉස්කෝලෙ ටීචටත් කලින් මට අම්මා පාඩම් ඉගැන්නුව හැටි
මතකයි අම්මෙ මට
කවුරුත් වැඩිය ගනන් ගත්තෙ නැති මාව
හැමෝම මං ගැන කතා වෙන තැනට ගෙනාපු හැටි
අදටත් ලෙඩක් දුකක් හැදුනම ඉස්සෙල්ලම මතක් වෙන්නෙ ඔයාව
"ඔයාටත් බෝ වෙයි අම්මෙ ලගට එන්නෙපා" කියුවත් මං
නින්ද යනකන් ඔලුව අත ගගා හිටියෙ ඔයා අම්මෙ
අදටත් මං ආස දේ
ඉල්ලන්නත් කලින්ම ගෙනත් තියන්නෙ අම්මා
අද මං ලොකු මනුස්සයෙක් උනාට
ඒ චරිතෙ නිර්මාණකරුවා ඔයා
මං අම්මගෙ අත් දෙකෙන් අවුරුදු ගානක් තිස්සේ ඇඹුණු පිළිරුවක්

❤පාරා❤

Comments (7)

සත්සරණි 6 years ago හිතට දැනෙන...වදන් පෙලක් ...❤

සිතුවිලි පාරමී 6 years ago Thanks සත්සරණි

තූර්යා ඉඳුවරී 6 years ago ඒක මාරම ලස්සනයි කෙල්ලේ.. මට මගෙ අම්මව මතක් වුණා.....

සිතුවිලි පාරමී 6 years ago හැම අම්මා කෙනෙක්ම ඒ වගේ තමයි නේද තූර්යා❤

Deesha(දීෂා)❤️ 6 years ago අම්මා මැණිකක් මිල කරන්නවත් බැරි. ලස්සනයි ගොඩක්?

සිතුවිලි පාරමී 6 years ago Mmm.. තෑන්ක්ස් දීෂා

✍️Nilushi Nisansala✍️ 6 years ago කුමට කව්කම් ලියනු බැරිනම් එකදු කවියක් ඈ නමින් උපන් දා සිට දෙනෙන් සේ රැකී මගේ ආදර මැණියන් .





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps