සිතුවිලි පාරමී 6 years ago 274 4 2

Nisadas Image

අප්පච්ච්

තාත්තේ...
තාත්තා කොහෙ ඉන්නවද කියන්න මං දන්නෙ නෑ
හැබැයි කොහෙ හිටියත් මගේ තාත්තා
කරදරයක් නැතුව ඇති
මොකද මගේ තාත්තා කාටවත් වරදක් කලේ නැති නිසා
හැම කෙනාටම කලේ හොදම විතරක් නිසා
තාත්තා හැමදාම වැඩට ගිහින් ඇවිත්
මාව බයිසිකලේ තියාගෙන රවුමක් දෙකක් අනිවාරෙන්ම එක්කන් යනවා
කොච්චර අමාරු උනත් තාත්තා ඒක නැවැත්තුවෙ නෑ නේද තාත්තේ
අදටත් මට මනුස්සයෙකුට දෙයක් දීලා ඒ දිහා බලලා සතුටු වෙන්න පුලුවන්
හැම මනුස්සයෙකුටම තමන්ගෙ කෙනෙකුට වගේ ආදරේ කරන්න පුලුවන්
මොකද තාත්තා මාත් එක්ක හිටපු ටික කාලෙට මට මනුස්සකම ගැන ගොඩක් පාඩම් කියල දුන්නු නිසා
තාත්තේ
හැමදාම තාත්තගෙ පින්තූරෙට වැදලා යනකොට
අම්මා කියනවා වගේම මටත් හිතෙනවා
"තාත්තා කොහෙ හරි ඉදන් අපි දිහා බලාගෙන ඇති"

❤පාරා❤

Comments (2)

Deesha(දීෂා)❤️ 6 years ago ?? appachchi

✍️Nilushi Nisansala✍️ 6 years ago ?????





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps