සිතුවිලි පාරමී 6 years ago 278 4 4
අගුළු දමා සිර කරගෙන
යකඩෙන් නිමකළ කූඩෙක
පෙත්තෝ උඹ බත් කෑවද
කියා අහනවා
මට කන්නට හිතෙන්නෙ නෑ
අම්මා අප්පා මගෙ ළග නෑ
ආපහු මට යන්න දෙන්න
ඌ මුමුණනවා
ගෙදර ඉන්න පොඩි පැටවුන්
යාලුවො එක්කන් ඇවිදින්
කුරුළු පැටියා පෙන්න පෙන්න
කතා කියනවා
අනේ ළමයො උඹ වාගෙම
මගේ පුංචි මිතුරො එක්ක
ගස් වැල් උඩ කවි කියන්න
මං හරි ආසයි
මට ඕනේ පියාඹන්න
නිල් අහසේ පුරාවටම
මේ කූඩුවෙ ඉදලාම මගෙ
අත්තටු හිරිවැටිලා දැන්
මා සිරකළ මේ කූඩුව
නෙමෙයි අනේ මගෙ ලෝකය
මට ආපහු යන්න දෙන්න
මං අයදිනවා
❤පාරා❤
තූර්යා ඉඳුවරී 6 years ago අනේ දුක හිතුණා...ඒත් ලස්සනයි මැණික
සිතුවිලි පාරමී 6 years ago Thanks......
Deesha(දීෂා)❤️ 6 years ago ලස්සනයි ගොඩක්
සිතුවිලි පාරමී 6 years ago ගොඩක් ස්තූතියි දීෂා