සිතුවිලි පාරමී 6 years ago 266 7 4
අතැර යන්නට හැකිද හිමියනි ඔබට මා
මතක නැද්දෝ ඔබට පණ මෙන් පෙම් කළා
මතකයි මටත් පෙම් කළ හැටි යශෝදරා
මේ භවයෙම නොවෙයි අපි සංසාරයේ පුරා
උපන්නා විතරමයි අපගේ කිරි කැටියා
අනේ දුක නැද්ද හිමියනි මේ නුඹගේ දරුවා
සංවේගයක් දැනේ හැර යන විට පවුල
කුමක් කරන්නද සොයනව මිස සත්‍යය
මතකයි හිමියනි ඉස්සර කී ප්‍රේම කතා
ඉන්නට පැතුවෙ මියෙනා තුරු ඔබෙම වෙලා
ඔබ මාගේ යැයි පැවසූවත් සොඳුර
ඔබව ඔබටවත් නැත අයිතිය සතුව
කුමක් කියනවාද නැහැ මට තේරෙන්නේ
දුකක් දැනෙනවා පමණකි මා දන්නේ
අල්ලා ගත් දෙයක් ඇත්නම් ඔබ සතුව
එයම දුකක් වේවිය ඔබ හට සොඳුර
නැත ඔබෙ කැමත්තට මා කරළා බාධා
සොයා සත්‍යය එනුමැන අප නැවත සොයා
සියුමැලි සුමුදු අත් පා ඔබගේ සිරුර
වැහැරී යයි දිනෙක එය වේ සත්‍යය
සොයා ගත් දිනේ විසදුමක් එයට
එයම වේ සොඳුර අපගේ නිවන
නොමැතිව ඉන්න බෑ හිමියනි මට ඔබව
මමත් පැමිණෙන්නම් කැලයට ඔබ සමග
ඈතින් හිදින්නම් ඔබ නොපෙනෙන ලෙසට
බිදින්නේ නෑ තපස ඔබෙ කවදාවත්ම
කටුකයි සොඳුර කැලයේ විස සතුන් ඇතී
සියුමැලි ඔබට එහි වාසය පුරුදු නැතී
සත්‍යය සොයා මම එන්නම් පමා නොවී
දරුවයි නුඹයි හිදින්න මාළිගයටම වී
❤පාරා❤
Hashi 6 years ago superb
සිතුවිලි පාරමී 6 years ago Thanks hashi
✍️Nilushi Nisansala✍️ 6 years ago ලස්සනයි ?
සිතුවිලි පාරමී 6 years ago Thanks akki