සත්සරණි 6 years ago 261 5 6
අාදරේ දෝරෙ ගැලුව
හීනියට ඉගි බිගි පෑව
නුඹේ ලස්සන අැස් පියාගෙන
ඉන්නෙ අැයි මගෙ රත්තරං...
හෙමිහිට රහස් කෙදිරුව
කොපුල් මත දග කෙරුව
ඔය සොදරු දෙතොල් මත
හිනාව කෝ අද රත්තරං...
මහ මෙරක් වගෙ සෙනෙහසක්
සේම ලොකු රැකවරණයක්
එදා මට දුන් නුඹේ පපුතුරෙ
උණුහුම කෝ අද රත්තරං...
නිසල වී අැති නුඹේ දේහය
දෙසට සසලව නෙතු අයාගෙන
හඩන්නම් මං අායෙ අැවිදින් එදා
වාගෙම සනසවන තුරු රත්තරං...
සිතුවිලි පාරමී 6 years ago ??
Asanka Ruwan 6 years ago ?????????
Deesha(දීෂා)❤️ 6 years ago ?
තිසරණී පාරමිතා ❤️ 6 years ago ???????
දිනේෂ් මල්ලී 6 years ago ☝️?
සත්සරණි 6 years ago Tnx hamotm