Deesha(දීෂා)❤️ 6 years ago 266 2 2

Nisadas Image

කියන් මට කුමරුවනි.......

පාළු රාත්‍රියක නිහඬ නිමේෂයක දෙකන් පෙති කිතිකවා ඇසේනම් නුඹේ ප්‍රේම ගීතිකා..
කුමක් සිතන්නද නුඹේ ප්‍රේමයට එපිටින්... කුමක් පතන්නද නුඹේ ප්‍රේමයට රහසින්...
මගේමයි කියා සෙනෙහසින් මා නළලත තැබූ උණුසුම් හාදුවම දිනෙන් දින ගෙවීගොස් දැනේනම් ඒ උණුසුමම කුමක් සිදුවීද යැයි නොදැනෙන ලෙසකටම....
සිතන්නට කිසිත් නැති,
පතන්නට කිසිත් නැති මගේ මේ සිත් ඉමට ළං වුනේ කෙළෙසකද?
කියන්නට නොහැකි ලෙස මගේ මේ ජීවිතේ මහා ලොකු ප්‍රාර්ථනාවක් නුඹ නමින් පුරන්නට ඉඩ දුන්නේ කුමකටද? කියන් මට කුමරුවනි මේ පුංචි ජීවිතය නුඹටමද?...
වෙන්ව නොයන්නට ඔය සිත් මායිමෙන් සදාකල් රැඳී ඉන්නට වරම් තියේවිද මට ඉතින්.....෴?

෴දීෂා෴

Comments (2)

✍️Nilushi Nisansala✍️ 6 years ago ???

Deesha(දීෂා)❤️ 6 years ago ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps