ශශී❤️? 6 years ago 399 7 9
දිය පොදයි නුබ වියරු කතරට සිසිල ගෙන ආලූ
මහ සයුර නුබ සෙනෙහෙ ගගුලට රහස් කොදුරාලූ
තුරු වියන් නුබ චන්ඩ හිරු රැස් පෙරා වලකාලූ
මියුරු කව නුබ හඩන මගෙ සිත නිතින් සනසාලූ
පෙවූ ලේ කිරි කදුලු ගගුලට කුමක් සම වේදෝ
අසමසම නුබෙ කලන ගුන කද ගයනු හැකි වේදෝ
හදේ සෙනෙහස වදන් නොවුනත් කෙලෙස අඩු වේදෝ
මවක් වන් රන් අකුරු තුනකට කවුරු සම වේදෝ
ශශි
Deesha(දීෂා)❤️ 6 years ago Nice??
Kaveesha Lakmali 6 years ago Lassanai ?
ශශී❤️? 6 years ago Thank you?
තූර්යා ඉඳුවරී 6 years ago ඒක මාරම ලස්සනයි කෙල්ලේ
✍️Nilushi Nisansala✍️ 6 years ago ? keep it up
ශශී❤️? 6 years ago Thank u all❤️
Supuni Nilukala? 6 years ago ලස්සන පද පේළි එකිනෙකට අමුණලා.....??
චතුරංගි හර්ශිකා 5 years ago ඔයාගෙ වචන ගොඩක් ලස්සනයි ??
ශශී❤️? 5 years ago Thankz chathu ❤