තූර්යා ඉඳුවරී 6 years ago 401 5 2
තනිවෙලා හිඳින කල
උණුහුමක් සොයන විට
ඔබ ආවේ උදාහිරු වාගේ...
ගත දුරක රැඳුණාට
ළඟ වගේ දැනුණාම
ඔබ සිටියෙ හිත මතයි මාගේ...
නෙත් කෙවෙනි තෙමුනාම
උණු කඳුළු ගැලුවාම
මුළු හිතම රිදවා දමා...
ඔබ සිතට එබුණාම
ඔය සුවඳ දැනුණාම
මගේ ලොව සුන්දර වුණා...
නිදි නොමැති නෙතු සඟල
ඉකි ගසා හඬන විට
ඔබ ආවේ සිහිනයක් වාගේ...
ඒ සිහිනයෙන් මා
මුදන්නට එපා යලි
හිඳින්නෙමි නුඹෙ හුස්ම වාගේ...
??තරූ සමනළ??
Deesha(දීෂා)❤️ 6 years ago ???
Supuni Nilukala? 6 years ago ??