Niලntha ..✍️poetry Is My Life ..✍️ 6 years ago 250 3 2

Nisadas Image

??අහඹු පෙම...??

පි..
නිතර දිලෙන ඔය ලස්සන නෙතු සඟල
මා මත් කරයි ඔය ලස්සන රූ සපුව
වැටකින්⁣ බෙදා වෙන් කෙරුවත් නුබෙ ඉඩම
මගෙ හද තිබෙන්නෙත් නුබෙ ලඟ හැමදාම

ගැ..
සැමියා ගියේ රැකියාවට දුර ඈත
පාළු මගේ සිත හැඩුවෙි හැම රෑම
වැටෙන් එබිලා බැළුවම ඔබ දොර ගාව
ප්‍රේමෙ බැදුනා මල්ලියෙ ඔබ දුටු දාම

පි..
ප්‍රේමෙ බැදුනෙ සුදු අක්කිගෙ රුව ගාව
ඇයිද සිටියෙ හැමදාකම නඹ ලිඳ ගාව
මාත් තවම මගෙ නාඹර හොද ගාන
නුඹත් හිටියා හැම රෑකම මා ගාව

ගැ..
ප්‍රේමෙ බැදුනෙ නුබෙ කඩිසර කම ගාව
සැමියා නිදන්නෙත් හැම රැය වැට ගාව
නිතර සිබින ඔය සුරතල් තොල් ගාව
ගතම රැදුනෙ ඒකයි රැය ඔබ ගාව

නිලා...✍️

Comments (2)

ශශී❤️? 6 years ago Ammo eka?

Arvin Jayanake 6 years ago සුපිරි...! ?





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps