Supuni Nilukala? 6 years ago 385 2 3
ඉරි තැලී ගිය ඉඩෝරයට
වීය වැහි බිඳුවක් නුඹ මට,
නුඹෙ වැහි සිසිල ලැබ
තෙත් වීය කැකැරුණු හද බිම,
කර්කෂ රෂ්මිය පහව
ලැබුණු ආලෝකය සුමුදුව,
ලද සුවය අපමණ
නුපුරුදු වසන්තයකි සැණෙකින,
ලියලා වැඩෙන දලු
මෝරන්නට මත්තෙන්
ලද වසන්තය නිමා විය,
ඇයි නුඹ ගියේ මා අතහැර.......
අතරමග දමා ගිය
නුඹ තවත් එපා මට
වසන්තය එපා දැන්
ඉඩෝරය හුරු පුරුදුය.
????
dinusha sadaruwa0000 6 years ago D
Deesha(දීෂා)❤️ 6 years ago ✍️??
✍️Nilushi Nisansala✍️ 6 years ago ????