Supuni Nilukala? 6 years ago 335 4 4
වාරු නැත මට
පියවර නගන්නට
අල්ලාගනු මැන
දෑත මගෙ වෙව්ලන
තවත් නම් බැහැ
ගොදුරක් වන්නට
මිනිත්තුවකි හසු වී
එක් තිරිසනෙකුට..
ඊයෙත් එලෙසය
අදත් එලෙසමය
හෙටත් එලෙස නම්
රැගෙන යන්න මා
නොමිනිස් ලෝකයෙන්
කාමයෙන් මත්වූ
දුදනන්ගෙන් ඈතට.
මව්පිය සෙනෙහස
නොලැබුණු මා හට
නැත කිසි සරණක්
මිය යනු හැර තව.
නිවන් යන්න පින්
නොකළත් මේ මං
පතමි නොලබන්න
නැවතත් උපතක්........
????
Deesha(දීෂා)❤️ 6 years ago ??? හිතට දැනෙන වදන් පෙළක්
✍️Nilushi Nisansala✍️ 6 years ago ??????
ශශී❤️? 6 years ago ???
Supuni Nilukala? 6 years ago ස්තූතියි❤️❤️❤️